හෙරෝයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සමඟ බෝට්ටුවක් අත්අඩංගුවට
හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බෝට්ටුවක් ගාල්ලට ඔබ්බෙන්වූ මුහුදු තීරයේදි නාවික හමුදා භාරයට ගෙන ඇත.
හෙරොයින් බවට සැක කෙරෙන කිලෝග්‍රෑම් 200 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් එහිදී සිය භාරයට ගත් බව නාවික හමුදා ප්‍රකාශක, ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළ අතර මේ වන විට අදාළ බෝට්ටුව කොළඹ වරාය වෙත රැගෙන එමින් ඇති බවත් ඔහු සඳහන් කළේය.
