හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර ඇප ඉල්ලා පෙත්සමක් ගොනු කරයි
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට එල්ල කළ මරාගෙන බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්දයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් විසින් තමන්ව ඇපමත මුදා හරිින මෙන් ඉල්ලා කොළඹ මහාධිකරණය වෙත පෙත්සම් ගොනු කර තිබේ.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ගොනු කර තිබෙන ඇප අයදුම්පත අද (26) දින සලකා බැලීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳීගේ මහතා ඉදිරියේ කැඳවන ලදී. පෙත්සම පිළිබඳව සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා එය කරුණු තහවුරු කිරීම සඳහා හෙට (27) දින කැඳවන ලෙස නියෝග කළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමන්ව ද ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින්ද ඇප පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන අතර එය සලකා බැලීම සඳහා හෙට (27) දින කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවීමට නියමිතය.
ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධී ලෙස පැහැර හැර මිනීමැරීම සම්බන්දයෙන් සැකපිට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහපොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
(අධිකරණ වාර්තාකරු )
