News

හේමසිරිට සහ පූජිත්ට ඇප

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇප මත මුදා හැර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද නඩුව කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බලා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළේය.

අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා රාජකාරී වගකීම් පැහැර හැරීමෙන් අපරාධමය වරදක් සිදුකර ඇතැයි පෙනී යන බැවින් මොවුන් දෙදෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නැයි නීතිපතිවරයා පසුගිය දා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළේය.