හොඳම අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරනවා
ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි හොඳම අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.
වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ පැවති වැඩසටහනකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
ජනාධිපතිවරණයට ඉදිරිපත්වන එජාප අපේක්ෂකයා සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරුදෙමින් කියා සිටියේ අනාගතයේදී ඒ පිළිබද තීරණයක් ගන්නා බවයි.