හොරෙන් ගෙනා එනසාල් කිලෝ 600ක් රේගු භාරයට
ශ්‍රී ලංකාවට පැමිණ තිබූ සැක සහිත පාර්සල් කිහිපයක් ශ්‍රී ලංකා රේගුව මගින් පරීක්ෂා කිරීමේදී එහි තිබී එනසාල් කිලෝග්‍රෑම් 600කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
තැපැල් දෙපාර්තමේන්තුව හරහා අදාළ පාර්සල්වල අයිතිකරුවන්ට දෙවරක්ම දන්වා තිබුණත් ඔවුන් පැමිණ නොමැති බැවින් අදාළ පාර්සල් ස්කෑන් පරීක්ෂාවේදී සැක සහිත පාර්සල ලෙස හඳුනාගැනීම හේතුවෙන් වැඩිදුර පරීක්ෂාව සඳහා රඳවාගෙන තිබූ බව ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නියෝජ්‍ය රේගු අධ්යක්ෂ කේ. පී. ද අල්විස් මහතා සඳහන් කරයි.
අදාළ එනසාල් තොගය රාජසන්තක කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය රේගු අධ්යක්ෂ කේ. පී. ද අල්විස් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
2020 අගෝස්තු මස 17 නිකුත් කෙරුණු විශේෂ ගැසට් නිවේදනය අනුව එනසාල් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් වේ.