ළමා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ සායන ඇරඹීමට සූදානමක්
ළමුන් සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ සායනනය මේ මස අවසානයට පෙර ආරම්භ කරන බව පවුල් සෞඛ්‍ය කාර්යංශය සඳහන් කරයි.
ගර්භනී මව්වරුන්ගේ සායනය සීමා කර ඇති අතර ත්‍රිපෝෂ බෙදා හැරීමේ වැඩසටහන නැවත සක්‍රීය කිරීමට කටයුතු කරන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රා මාලි ද සිල්වා මහත්මිය සඳහන් කරයි.
ගර්භනී මව්වරුන්ට ප්‍රසව වේදනා ඇති වුවහොත් කඩිනමින් රෝහල් කරා යාමට තම සායනික අත්පොත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැක.
