ෆොන් බිලටත් සහනක් – දුරකතන සමාගම් වලින් ලැඛෙන සහන මෙන්න
නව කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමග රට තුල මතුව ඇති තත්වය හමුවේ බිල්පත් ගෙවීමේදී සහන කාලයක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සියලු ටෙලිකොම් සහ දුරකතන ඇතුලු කේබල් ටී වී සේවා සපයන ආයතනවලට උපදෙස් ලබා දී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව පෙරගෙවුම් පාරිභෝගිකයින් සඳහා හදිසි ණය පහසුකමක් සහ අමතර කතා කාලයක් ලබා දීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන ලෙස අදාල සමාගම් සහ ආයතන වෙත දැනුම් දී තිඛේ.
