Elephant Story

මරු චුට්ටාට සරම දීලා ඇත්ගොව්වා පණ බේරාගෙන

එකල දුටුගැමුණු රජුගේ කණ්ඩුල ඇතා නන්දිමිත්‍ර යෝධයා සමඟ සිටියේ තදබල ආරෝවකිනි. තමාට අවමන් කිරීම ගැන නන්දිමිත්‍රගෙන් පළිගැනීමට හෙතෙම මාන බලමින් සිටියේය. ඒ සඳහා කණ්ඩුල සිය මුඛයේ ගල් කැටයක් රඳවාගෙන සිටි බව සද්ධර්මරත්නාවලියේ සඳහන් වේ. කණ්ඩුලගේ නෝක්කාඩුව අවසන් වූයේ විජිතපුර සටනේදීය.
Read More »

හිතුවක්කාර දොස්තර මට්ටු කරන්න රබර් ගහ හොඳ වැඩියි කියලා අලියෙකුට හිතිලා

නිතර කුලප්පු වෙන අලි නොසිතන අඩව් අල්ලති. කෑගල්ලේ එවැනි තරුණ අලියෙක් විසීය. දිනක් මෙම අලියා පැරණි රබර් ගස් ගැලවීමේ කාර්යයකට යොදවා තිබිණ. රබර්වත්ත පිහිටියේ අලි හිමිකරුගේ නිවසට කිලෝමීටර 40ක් පමණ දුරිනි.
Read More »

ඇත්ගොව්වා උඩින් යද්දී සරම ඊට පිටිපස්සෙන් ගිහින්

මද කිපී ඇති අලියෙකුට ප්‍රතිකාර කිරීම සාමාන්‍ය අලියෙකුට ප්‍රතිකාර කිරීමට වඩා අසීරුය. පශු වෛද්‍යවරුන් ඊට පිවිසෙන්නේම අවදානම දරා ගනිමිනි. මද කිපී දින කිහිපයකට පසු බෙල්ල සහ බඩ යට ඉදිමීමක් ඇති වූ පිරිමි සතෙකි. එම අලියාට ප්‍රතිකාර ලබාදෙන්නැයි අලි හිමියා මහාචාර්ය අශෝක දංගොල්ලගෙන් ඉල්ලීය.
Read More »

මම බෙහෙත් බොන්නේ ඔයා ගස් නැග්ගොත් විතරයි කියලා අලියෙක් කිව්වලු

සාමාන්‍යයෙන් රෝග විනිශ්චයකදී වෛද්‍යවරයා හෝ වෛද්‍යවරිය රෝගියා සමඟ කතාබහ කරන්නේ අසුන්ගෙනය. ඇතැම් අවස්ථාවකදී සිටගැනීමටද සිදුවේ. බොහෝවිට අවශ්‍ය ඖෂධ සඳහන් බෙහෙත් තුණ්ඩුව දී රෝගියා පිටත්කර හැරීමට හැකිය. සතුන්ගේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර කිරීම ඊට වෙනස් වේ. ඔවුන්ට අදහස් ප්‍රකාශ කළ නොහැකිය.
Read More »

ගෙදරට නොදන්වා වැකේෂන් ගිය අලියාට ‘සෝඩා’ සංග්‍රහයක්

අලි කුලප්පු වීමට වෙලාවක් කලාවක් නැත. එනිසාම කුලප්පු වූ අලි මෙල්ල කිරීම ද එසේමය. ඕනෑම වේලාවක එවැනි අවස්ථා එළැඹීමට ඉඩ තිබේ. මහාචාර්ය අශෝක දංගොල්ලට ඒවා හොඳින් පුරුදුය. දවසේ ඕනෑම වේලාවක එවැනි ඉල්ලීම් ඔහුට පැමිණෙයි. දිනක් සවස තුනට පමණ මහාචාර්ය දංගොල්ලට එවැනි කටයුත්තකට අදාළව ඇමතුමක් ලැබිණ. ඒ, අකුරැස්සෙනි.
Read More »

අලින්ට කරන්ට් වැදුනම ඇතින්නියන්ට දුවන්න හිතෙනවද?

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය දෙස් විදෙස් සියල්ලන්ගේ ගෞරවයට ආදරයට පාත්‍ර වූ සංස්කෘතික අංගයකි. එහි ගමන් ගන්නා අලි ඇත්තුද කාගේත් විශේෂ අවධානයක් දිනාගනිති. ඔවුන් පෙරහරේ රැගෙන යාම වෙනුවෙන් කැපවන අය එමටය. පෙනෙන්නට සිටින්නේ ඇත්ගොව්වා පමණක් වුණාට මේ අලි ඇතුන් වෙනුවෙන්ම සේවයේ යෙදුණු තවත් බොහෝදෙනෙක් ඇත.
Read More »

නිර්වින්දන දොස්තර මහත්තයෝ ඉන්න තැනකින් හනිකට වඩින්න

අලි බැලිල්ලයි බලි ඇරිල්ලයි දෙකම ලෙහෙසි නැත. පොඩ්ඩ එහා මෙහා වු‍ණොත් සියලු වැඩ වරදී. බලි ඇරිල්ල කෙසේ වෙතත් අලි බැලිල්ලේ අනතුරුදායක බව ගැනනම් අමුතුවෙන් කියන්නට දෙයක් නැත. පෙරහරේ යන අලි ඇතුන් කියා එහි වෙනසක් නොවේ. ජැන්ඩි පහට ඇඳ සිටියාට ඇතැම් අවස්ථාවල මහා කලබල ඇති කරන්නට ඒ අයට පුංචි දේකුත් ඇත.
Read More »

හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයා

අලි රේස් ගැන අපි අසා ඇත්තෙමු. දැක ඇත්තෙමු. මිනිසුන්ගේ ධාවන තරඟ ඕනෑතරම්ය. එහෙත් අලින් සහ මිනිසුන් එකට දිවීමක් ගැන ඔබ අසා තිබේද? මේ එවැන්නකි.

මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ නිවසක ඇති කළ තරුණ අලියෙකි. හේ අධික භීතියට පත්වන කරුණක් තිබේ. එනම් ධාවනය වන දුම්රියයි. එවැන්නක් මෙම අලියාට උන්හිටි තැන් අමතක කරවීමටද
Read More »

අලි ලෙඩකට උත්තර හොයන්න ගිහින් කම්බි වැටක් උඩ නතර වුණු දොස්තර

වන අලින්ට ප්‍රතිකාර කිරීම අප හිතනා තරම් පහසු නැත. වනජීවී දෙපාර්තමේන්තුවට සිටින පශු වෛද්‍ය කාර්ය මණ්‌ඩලය ඉතා සීමිත වීමත් ඊට එක හේතුවකි. එක් වෛද්‍යවරයකුට පැවරෙන වපසරිය බොහෝ විශාලය. ඇතැම්විට රෝගියා වෙත යාමට පැය කිහිපයක් ගතවේ. ගෘහාශ්‍රිත සතුන් මෙන් කැලෑ සතුන් එක තැනක රඳවා තබාද නැත.
Read More »

අලි අම්මට නින්ද ගියා අලි පැටියා ගොඩට ගියා

මොනම ආකාරයක අවදානමක් දරමින් වුව අනතුරකදී අතහැර නොයන කෙනෙකු වේනම් ඒ, අම්මාය. එය සත්ව ලෝකයේද දැකිය හැකි කරුණකි. පශු වෛද්‍ය අකලංක පිනිදිය එවැනි සිදුවීමකට මුහුණ දුන්නේ ගිරාඳුරුකෝට්ටේ ඔරුබැඳිවැව ප්‍රදේශයේදීය.
Read More »

බුදු මහත්තයෝ අලියව බිම වට්ටන්නනම් එපා

ගෘහාශ්‍රිත අලි ඇතුන් ගැන සොයා බැලීම වනඅලි ඇතුන් බැලීමට වඩා වෙනස්ය. වනඅලින්ට හිමිකරුවන් නැත. එනිසා අවශ්‍ය පියවර ගැනීමේදී තරමක් පහසුය. ගෘහාශ්‍රිත සතුන්ට ප්‍රතිකාර කරද්දී එසේ නොවේ. හිමිකරුවන්ගේ ඉල්ලීම්වලටද සවන්දිය යුතුය. මේ එවැනි සිදුවීමකි.
Read More »