කෑගල්ල පොලිසිය හරියට යද්දී සෑම් පැටියා කුලප්පු වෙලා
2007 සිට 2014 තෙක් වසර 7 ක් පුරාවට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවය කළ පශු වෛද්‍ය ජගත් ජයසේකර මහතා, දෙහිවල සත්වෝද්‍යානයේ හැරුණුවිට වසරක කාලයක් පින්නවල අලි අනාථාගාරයේද සේවයේ නිරත විය. අප මේ කියන්නට යන්නේ ඒ කාලය තුළදී ජයසේකර මහතාගේ රාජකාරිමය අත්දැකීමකි.
කෑගලු දිස්ත්‍රික්කයේ වාර්ෂිකව පවත්වන පෙරහර මංගල්‍ය කිහිපයකි. ඒ අතරින් ප්‍රධාන පෙරහර මංගල්‍යයන් වන්නේ ඓතිහාසික බෙලිගල විජයසුන්දරාරාම රජමහා විහාරය කේන්ද්‍ර කොටගෙන වෙසක් පොහෝ දිනයේ පවත්වන බෙලිගල සත් පෙරහර මංගල්‍යය, කෑගල්ල – වෑවලදෙණිය පුරාණ රජමහා විහාරය කේන්ද්‍ර කොටගෙන පොසොන් මහට පවත්වන කෑගල්ල මිහිඳු මහා පෙරහර සහ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය කේන්ද්‍ර කොටගෙන ඇසළ මහේ පවත්වන ශ්‍රී දැඩිමුණ්ඩ දේවාල පෙරහරයි.
“ඒ වෙනකොට සෑම වසරකම කෑගල්ල මිහිඳු මහා පෙරහර සඳහා සහභාගී වන හදිසි අලි ඇතුන් නිර්වින්දන කිරීමට පශු වෛද්‍ය සේවාව ලබාදුන්නේ පින්නවල අලි අනාථාගාරය විසින්. 2009 වසරේ ඒ රාජකාරිය පැවරුණේ මට. ඉතින් කල්ඇතුවම මං ඒකට අවශ්‍ය නිර්වින්දන ඖෂධ, හදිසි ප්‍රතිකාර ඖෂධ, සහාය ප්‍රතිකාර ඖෂධ ඇතුළු අනෙකුත් ඖෂධත්, සේලයින් වර්ග සහ ඖෂධ විදින තුවක්කුත්, දුර බලන උපකරණත් සූදානම් කරගත්තා.”
සාමාන්‍යයෙන් පෙරහරක මෙවැනි අලි ඇතුන් නිර්වින්දන රාජකාරියක් වෙනුවෙන් යාමේදී පශු වෛද්‍යවරයෙක් තනිව යන්නේ නැත. ඔහු ඒ ගමන සඳහා තවත් පළපුරුදු පශු වෛද්‍යවරයෙක් හෝ කීපදෙනෙක් සම්බන්ධ කරගනියි. ඊට හේතු කීපයක් ඇති අතර, පශු වෛද්‍ය ජගත් ජයසේකර මහතා එය පැහැදිලි කළේ මෙසේය.
“ඒකට මූලික හේතුව වෙන්නේ සාමාන්‍යයෙන් පෙරහරක අලි ඇතුන් කීපයක්ම ඉන්නවා. ඒ අතරින් බැරිවෙලාවත් එකම අවස්ථාවක අලි ඇතුන් කීපදෙනෙක් කලබල වුණොත් තනි පශු වෛද්‍යවරයකුට ඔවුන් මෙල්ල කරගන්න එක අමාරුයි. ඒ වගේම ඇතැම් අලි ඉන්නවා, ඒ අලි කුලප්පු වුණාම එක පශු වෛද්‍යවරයෙක්ට තනිවම පාලනය කරන්න අපහසුයි. අනෙත් දේ තමයි මේක එකතැනක ඉඳන් කරන්න පුළුවන් කටයුත්තක් නෙවෙයි. සමහර වෙලාවට කලබල වෙලා දුවන අලි ඇත්තු පස්සේ අපිටත් දුවන්න වෙනවා. ඒ වෙලාවට අපිටත් යම් යම් අනතුරු වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවන්වල අපිත් එක්ක පශු වෛද්‍යවරයෙක් හෝ කීපදෙනෙක් ඉන්න එක වටිනවා. ඒ වගේම අත්වැරදීමකින් අලි ඇතුන්ව නිර්වින්දනයේදි පාවිච්චි කරන ඖෂධ පුරවපු සිරින්ජරයක් අපේ සිරුරේ ඇනෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එවැනි ඖෂධයක් ඇසකට වගේ විසිවෙන්න වුණත් පුළුවන්. ඒක සෑහෙන අවදානම්. බැරිවෙලාවත් එහෙම දෙයක් වුණොත් ඒ පශු වෛද්‍යවරයාට හදිසි ජීවිතාරක්ෂක ප්‍රථමාධාර ලබාදෙන්න ඒ ස්ථානයේ වෙනත් පශු වෛද්‍යවරයෙක් ඉන්න ඕන. ඒ වගේ කරුණු කාරණා නිසා පෙරහරක හදිසි අලි ඇතුන් නිර්වින්දනයට යනකොට පශු වෛද්‍යවරයෙක් ගොඩාක් දුරට තනියම යන්නේ නෑ.”
රුවන් එස්. සෙනවිරත්න
සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න
