සන්ස්ක්‍රීන් ගාලා ගිනස් පොතටත් ගිහින්
කාලෙන් කාලෙට ලෝකයේ විවිධ රටවල මිනිසුන් තමන්ටම ආවේණික වූ අපූරු දක්ෂතා සහ අසාමාන්‍ය ක්‍රියාකාරකම් හරහා ගිනස් ලෝක වාර්තා පොතට එක්වෙනවා. සමහරු තම ශාරීරික ශක්තියෙන් ලෝකය මවිත කරනවා. තවත් සමහරු නිර්මාණශීලී අදහස්වලින් අලුත් වාර්තා පිහිටුවනවා. හැබැයි මේ කියන්න යන්නේ ඒ හැමදේටම වඩා ටිකක් වෙනස්, අපූරු ගිනස් වාර්තාවක් ගැනයි. මොකද මේ වාර්තාව පිහිටුවන්න කිසිවෙකුට අසාමාන්‍ය ශක්තියක්වත්, විශේෂ දක්ෂතාවක්වත් අවශ්‍ය වුණේ නැහැ. අවශ්‍ය වුණේ තමන්ගේ සම ආරක්ෂා කරගන්න සන්ස්ක්‍රීන් ටිකක් විතරයි.
මේ අපූරු සිදුවීම වාර්තා වුණේ 2019 අගෝස්තු 13 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවරයි. එදින Chennai Trade Centre පරිශ්‍රයේදී පැවැත්වුණු විශේෂ වැඩසටහනකට තරුණ තරුණියන්, මව්වරුන් ඇතුළු පුද්ගලයන් 2,441 දෙනෙක් සහභාගී වුණා. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වුණේ හිරුගේ පාරජම්බුල කිරණවලින් සම ආරක්ෂා කරගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි. ඒ වෙනුවෙන් සියලු දෙනාම එකම සංඥාවකට එකවර තම මුහුණේ සහ දෑත්වල සන්ස්ක්‍රීන් ආලේප කළා.
මේ සුවිශේෂී සිදුවීම ඉන්දියාවේ පුවත්පත්වල පවා විශේෂ අවධානයට ලක්වුණා. ඉන් නොනැවතුණු මෙම අපූරු සිදුවීම අවසානයේ ගිනස් ලෝක වාර්තා පොතට පවා එක්වුණේ, එකවර වැඩිම පිරිසක් සන්ස්ක්‍රීන් ආලේප කිරීමේ (Most People Applying Sunscreen Simultaneously) වාර්තාවට හිමිකම් කියමින්. ඒ විදිහට සන්ස්ක්‍රීන් ගිනස් වාර්තා අතරට එක්වුණත්, අද වන විට එය ලොව පුරා බොහෝ දෙනෙකු අතර ප්‍රචලිත දෛනික සම ආරක්ෂණ ආලේපනයක් විදියටයි. සරලවම කිව්වොත්, සන්ස්ක්‍රීන් කියන්නේ හිරු එළියේ අඩංගු පාරජම්බුල කිරණ (UV Rays) නිසා සමට සිදුවිය හැකි හානි අවම කිරීමට උපකාරී වන ආරක්ෂණ ආලේපනයක්. විශේෂයෙන් මේ දිනවල පවතින උණුසුම් කාලගුණයත් එක්ක හිරු රැස්වල බලපෑම අපේ සමට තවත් තදින් දැනෙන්නට පුළුවන්. ඒ විතරක් නොවෙයි, හිරු රැස් නිසා සමට ඇතිවන බලපෑම්ද සුළුපටු නැහැ. හිරු එළියෙන් ලැබෙන පාරජම්බුල කිරණ (UV Rays) හරහා සමේ කොලජන් තන්තු හානි වීම, අකලට රැළි ඇතිවීම, සමේ පැහැය වෙනස් වීම හා හිරු රශ්මියෙන් සම පිළිස්සෙනවා. ඉතින් දැඩි හිරු රැසින් අපේ සම ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ ගැනයි මෙවර බියුටි පිටුවෙන් අපි ඔබට කියාදෙන්නේ.
උපදෙස් – වෛද්‍ය එස්. එම්. මධුෂාණී වත්සලා කුමාරි
ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී (ගෞරව)
ආයුර්ගා ආයුර්වේද මෙඩි ක්ලිනික්, මාවනැල්ල
නෙත්මි තෂාරා
සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න
