Latest News

ඔක්සිජන් ආනයනයට කැබිනට් අනුමැතිය

කොවිඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ද්‍රව ඔක්සිජන් ලීටර 360,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අසාධ්‍ය රෝගීන් සඳහා ඔක්සිජන් සැපයුම තහවුරු කිරීමට රජය විසින් මීට පෙර ඔක්සිජන් ලීටර 120,000ක් මාසිකව ආනයනය කර ගබඩා කිරීමට පියවර ගැනුණා.

ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් මෙම ඔක්සිජන් ලීටර ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මේ අතර දේශීයව නිපදවන දෛනික ඔක්සිජන් ප්‍රමාණය ටොන් හැත්තෑ අටක් පමණ වන අතර, දැනට අවශ්‍යතාව ටොන් 95ක් පමණ වන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරනවා.