Latest News

කොවිඩ් බිලිගත් දින පහේ බිලිඳා

කොවිඩි 19 වෛරසය ආසාදනය විම හේතුවෙන් දින පහක් වයසැති බිළිඳකු බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස්ව තිබෙනවා.

මෙලෙස කොවිඩ් ආසාදනය විි මියගොස් ඇතැයි පෙටිටිය ගල පාර,බෝමිබුව,බලන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි බිළිඳකු බලන්ගොඩ රෝහල් පොලිසිය පවසනවා.

ඉකුත් 7 වැනි දා බලන්ගොඩ මුලික රෝහලේදි මෙම බිලිඳා උපත ලබා තිබෙන අතර උපන් දා සිට ඇති වු හුස්ම ගැනිමේ අපහතාවයක් හේතුවෙන් බලන්ගොඩ මුලික රෝහලේ නොමෙරු ළදරු ඒකකයට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත.

එහිදී සිදුකල පි.සි.ආර්. පරික්ෂණයේදි කොවිඩ් 19 ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති අතර දරුවා බිහි කල මවගේද පි.සි.ආර්. පරික්ෂණය සිදු කර තිබෙන අතර එහි වාර්තා ලැබිමට නියමිතව තිබුණා.