Latest News

කොළඹ ජාතික රෝහල් කාර්ය මණ්ඩල සේවිකාවක් කොවිඩ් ආසාදනයවී මියයයි

කොළඹ ජාතික රෝහල් කාර්ය මණ්ඩලයේ සේවිකාවක්වන 52 හැවිරිදි දෙදරු මවක් කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.

එහි වාට්ටු ලිපිකාරිනියක් ලෙස සේවය කළ මතුගම පදිංචි ගීතිකා විජේසූරිය මහත්මිය මෙසේ කොවිඩ් ආසාදනයවීමෙන් මරණයට පත්ව ඇති අතර එය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වූ පළමු කොවිඩ් ආසාදිත මරණය ද වනවා.

ගීතිකා විජේසූරිය මහත්මිය කොවිඩ් ආසාදනය වී මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (19) මරණයට පත්ව ඇති අතර ඇය රෝහලේ වාට්ටු ලිපිකාරී සංගමයේ සභාපතිනිය ලෙස ද කටයුතු කළා.