Latest News

ඩෙල්ටා වෛරසයේ විකෘති ප්‍රභේද 04ක් මෙරටින්

ඩෙල්ටා වෛරසයේ විකෘති ප්‍රභේද 04ක් මෙරටින් හදුනාගෙන ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රති ජීවවිද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී මහාචාර්ය නිලිකා මලවිගේ පවසනවා.

මෙම විකෘතිතා හතර ඩෙල්ටා වෛරසයේ පැතිරීමට බලපාන ආකාරය ගැන සෙවීමට විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති අතර විකෘතිතා සම්බන්ධයෙන් ජනතාව කිසිසේත්ම කලබල විය යුතු නැති බව පැවසූ මලවිගේ මහත්මිය සඳහන් කළේ ,ඕනෑම වෛරසයක් වේගයෙන් ව්‍යාප්ත වනවිට මෙවැනි විකෘතිතා ඇතිවීම සාමාන්‍ය සංසිද්ධියක් බවයි.

ඇය මේ බව කියා සිටියේ ඊයේ (22) කොරෝනා ව්‍යාප්තිය හමුවේ ජනතාව දැනුවත් කිරීම සඳහා සියලු විද්‍යුත් නාලිකා ඒකාබද්ධ සජිවි ප්‍රචාරය කළ විශේෂ වැඩසටහනකට එක්වෙමින්. “ හුස්ම ” ලෙස නම් කෙරුණු එම වැඩසටහන සංවිධාන කළේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදය විසින්.

මින් පෙර ඩෙල්ටා වෛරස කොරෝනා ප්‍රභේදයෙන් විකෘතිතා තුනක් හඳුනාගෙන තිබුණා.