Latest News

පැරා ඔලිම්පික් උළෙලේදී ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක් ශ්‍රී ලංකාවට

2020 පැරා ඔලිම්පික් තරගාවලියේ හෙල්ලය විසි කිරීමේ තරග ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත්ව තිබෙනවා.

ඔහු F46 හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාව තබා ඇති අතර ඔහුගේ නව වාර්තාව මීටර් 67.79ක් ලෙස සටහන් වනවා.

මේ අතර දිනේෂ් ප්‍රියන්ත විසින් 2016 රියෝ පැරා ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමද දිනා තිබුණා.