Latest News

පොලිසිය ස්ත්‍රීන්ට සලකන්න දන්නෙ නැත්නම් සරත් වීරසේකරගෙන් අහගන්න

කොතලාවල පනතට විරුද්ධව පසුගියදා පැවති විරෝධතාවලදී පොලිසිය ස්ත්‍රීන්ට සලකපු ආකාරය ගැන සතුටු විය නොහැකි බව ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. හිංසනයට එරෙහි කාන්තා එකමුතුව වෙනුවෙන් බත්තරමුල්ල ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ඊ​යේ (19) පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව ප්‍රකාශ කළාය.

මාධ්‍ය හමුව අමතමින් ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් පවසා සිටියේ පොලිසිය මහජනතාව සමඟ ගණුදෙනු කරන ආකාරය පැහැදිලි කරදීමේ සම්පූර්ණ වගකීම ඇත්තේ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකරගේ අත බවයි.