Latest News

මුළු සිරුරටම එකම පැහැයක්

ප්‍රවීණ රූපලාවන්‍ය උපදේශක මාලිංග ප්‍රනාන්දු
Personal Grooming Trainer NVQ 4,5
——————-
ඇමෙරිකාවේ ධනවත්ම සහ සුරූපී නිළි ලැයිස්තුවේ ඉහළම ස්ථානයක වැජඹෙන සුරූපී හොලිවුඩ් නිළි ජෙසිකා ඇල්බා යොවුන් වියේදී වාචික අඩත්තේට්ටම්වලට ලක්ව තිබෙනවාද යන වග වරක් මාධ්‍යව්දියෙක් ප්‍රශ්න කළේය.

“නිතරම අව්වේ සෙල්ලම් කරපු නිසා ඒ දවස්වල මගේ සමේ පැහැය ඒකාකාරී නැහැ. අපෝ! ඔයාගේ මූණ එක පාටක්, කකුල්, අතපය තවත් පාටක්නේ කියලා සමහර යාළුවෝ මට විහිළු කරනවා.”

සිරුරේ පැහැය ඒකාකාරී නොවීම (Uneven Skin Tone) නිසා අපහසුතාවයට පත්වූ එකම කාන්තාව ජෙසිකා ඇල්බා නම් නොවේ. මෙය බොහෝ කාන්තාවන් පීඩාවට පත් කරවන ප්‍රධානතම රූපලාවන්‍ය ගැටළුවක් බව අප දන්නා කරුණකි. බොහෝවිට මේ දිනවල බ්ලීචින් ක්‍රීම් භාවිත කර තාවකාලික ලෙස මුහුණ පමණක් සුදු කරගත් ගැහැනු ළමයි දුටුවිට මූණ ජපන් ඇඟ ජර්මන් ලෙස බොහෝදෙනා උසුළු විසුළු කරන ආකාරයද ඔබට ඇසී ඇත.

සිරුරේ පැහැය ඒකාකාරී නොවීටම බලපාන හේතු කිහිපයක්ම පෙන්වා දිය හැකිය. සිරුරේ ඇතැම් ස්ථානවල පමණක් මෙලනින් බහුලව නිෂ්පාදනය වීම, සමේ අධික වියළි ස්වභාවය, සිරුරේ ඇති අනෙකුත් චර්ම රෝග සහ හෝර්මෝන වෙනස්කම්, ප්‍රෝටීන අධික ආහාර භාවිතය සහ හිරුඑළිය නිසා සමට සිදුවන බලපෑම ඒ අතර සමහරකි.

සුළු සිරුරටම එකම පැහැයක් ලබාගැනීමට බොහෝ කාන්තාවන් බ්ලීචින් සහ ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතයට පෙළඹී ඇති අතර, ඒ පිළිබඳව ඇමරිකානු එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ සහ ප්‍රවීණ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන Neal Shultz පවසා ඇත්තේ මෙවැන්නකි.

“මුළු සිරුරම එකම පැහැයකට ගන්න ඇත්තටම කවුද අකමැති? ඒ නිසාම ගොඩක් අය මේ වෙද්දි සමේ පැහැය ගැන හිතලා සිරුරට අහිතකර දේවල් පවා එන්නත් කරනවා. නමුත් ඒ වගේ දේවල්වලින් අතුරුආබාධ ඇතිවෙන්න පුළුවන් ඉඩකඩ වැඩියි කියන එක මතක තියාගන්නම ඕනේ.”

මුළු සිරුරටම එකම පැහැයක් ලබාගැනීමට කැමති ඔබ තවදුරටත් අහිතකර අතුරුඵල සහිත එන්නත්කරණයට හෝ බ්ලීචින් භාවිතයට යොමුවිය යුතු නැහැ. ඒ වෙනුවට මුළු සිරුරටම එකම පැහැයක් ගෙන දිය හැකි අනර්ඝ සත්කාරයක් ඔබට හඳුන්වාදීමටයි අද අපේ සූදානම.
“මුහුණේ පැහැය ගැන හිතනවා වගේම සිරුරේ පැහැය ගැනත් වදවෙන යුවතියන් ඕනතරම් ඉන්නවා. ඇඟේ පැහැය ඒකාකාරී නැති නිසා ලස්සනට සාරියක්වත් අඳින්න බැහැ කියලා දුක්වෙන කාන්තාවන් මට හමුවෙනවා. එවැනි අය වෙනුවෙන්ම තමයි අපි මේ විශේෂ සත්කාරය හඳුන්වලා දෙන්නේ. මේ සත්කාරය සිදු කරන්නේ ඇත්තටම සත්කාර කිහිපයක එකතුවක් විදිහටයි.
මේක හරියට මුළු සිරුරටම කරන ‍ෆේෂල් සත්කාරයක් වගෙයි. ඒත් සාමාන්‍ය ෆේෂල් එකකින් නොලැබෙන ප්‍රතිඵලයක් මෙයින් ලබාගන්න පුළුවන්.

සත්කාරයේදී මුලින්ම අපි කරන්නේ මුළු සිරුරම ක්ලෙන්සර් කරන එකයි. ඊටපස්සේ සම මෘදු ලෙස ස්ක්‍රබ් කරනවා. පස්සේ මුළු සිරුරටම එන්සයිම පීලින් සත්කාරයක් සිදු කරනවා. මේ සත්කාරයෙන් සම මතුපිට තියෙන මැරුණු සෛල ස්ථරය සැලකිය යුතු මට්ටමකට ඉවත් කරගන්න පුළුවන්.

එන්සයිම පීලින් එකෙන් පස්සේ අපි RF චිකිත්සාවක් (Radiofrequency) සිදු කරනවා. මෙතැනදී වෙන්නේ විකිරණයක් ආධාරයෙන් ශරීරයේ නව කොලජන් තන්තු නිෂ්පාදනයට අවශ්‍ය කරන උත්තේජනය ලබාදෙන එකයි. ඒකේ අතුරුඵලයක් විදිහට මුළු සිරුරටම එකම පැහැයක් ලබාගන්න පුළුවන්.

සත්කාරයේ අවසාන අදියර විදිහට අපි Vitamin Cocktail Serum එකක් එක්ක සමට ගැලපෙන Mask එකක් ආලේප කරනවා. මේ විදිහට මසකට එක බැගින් වාර 6ක් මේ සත්කාරය කළාට පස්සේ මුළු සිරුරම එකම පැහැයට හැරිලා කියලා ඔබටම දැකගන්න පුළුවන්.”
සත්කාරයෙන් දින කිහිපයක් යනතුරු හිරුඑළියෙන් ආරක්ෂා වීම වැදගත්ය. එමෙන්ම මුහුදු ජලයෙන් සහ ක්ලෝරීන් ජලයෙන් සිරුර සේදීමත් යෝග්‍ය නොවේ. සත්කාරය වඩා යෝග්‍ය වන්නේ අවුරුදු 22ට වඩා වැඩි කාන්තාවන්ට බවද කිව යුතුය.

සටහන – සෙව්වන්දි හෙට්ටිආරච්චි