Latest News

ශාන්තිකර්මයක් මුවාවෙන් කාන්තාවකට අතවර කිරීමට ගිය දේවාල කපුවා

මාදම්පේ සෙම්බුකට්ටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය දේවාලයක ශාන්ති කර්මයක් සිදු කිරීමට පැමිණි කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සහා කළ බව කියන කපුවකු මාදම්පේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ සැකකරු දුම්මලසුරිය යගන්වෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වයස අවුරුදු 8 හා 10 සිමාවල දරුවන් දෙදෙනකු සිටින විවාහකයක පුද්ගලයකු වනවා.

අදාළ කාන්තාව සිය මව සමග ශාන්තිකර්මයක් කර ගැනිමට පැමිනි අවස්ථාවේදි මෙම ගැටලුවට මුහුණ දි ඇති බව පොලිස් පරික්ෂණ වලදි සනාථ වි ඇත.

සැකකරු තම මාදම්පේ සෙම්බුකට්ටිය ප්‍රදේශයේ හිතවතකුගේ නිවසක කලක සිට මෙම දේවාලය පවත්වාගෙන ගොස් ඇත.

ශාන්තිකර්මය සිදු කිරීමට කිසියම් දෙයක් අවශ්‍ය බව පවසා එම දේවාලය පිහිටි නිවසේ මුළුතැන්ගෙට ගොස් එය රැගෙන එන ලෙසට කාන්තාවගේ මවට ඔහු පවසා ඇති අතර ඒ අතතුර මෙම කාන්තාවට ලිංගික අතවර කිරීමට සැකකරු උත්සාහ කළ බව සිද්ධියට මුහුණදුන් කාන්තාව පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුවීමෙන් පසුව අනාවරණය වි ඇත්තේ මෙම කපුවා ප්‍රදේශයේ කාන්තාවන් මෙන්ම කුඩා ළමුන් කීපදෙනකුට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බවයි.