Latest News

සංවේදී පරිසර පද්ධති 4ක් අලුතින් හඳුනා ගනියි

මානෑව, ගඟේවාඩිය, එළුවන්කුළම හා ගල්නෑව යන ප්‍රදේශ ආශ්‍රිතව තවත් සංවේදී පරිසර පද්ධති 04ක් අලුතින් හඳුනාගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය පවසනවා.

ඔවුන් පවසන පරිදි මෙලෙස සංවේදී පරිසර කලාප හඳුනාගැනීමේ හා එලෙස හඳුනාගත් සංවේදී පරිසර කලාප නම් කර නොතිබීම නිසාවෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී එම පද්ධතීන්ට හානි සිදු වී ඇති බවයි.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ඒකකය සංවේදී පරිසර කලාප හඳුනාගැනීමේ හා ඒවා සංවේදී පරිසර පද්ධතීන් ලෙස නම් කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.