නවතම ප්‍රවෘත්ති

හෝටලයක නේවාසිකව නතර වෙන අමුත්තන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සම්බන්ධ නීතිය

මෑතකාලීනව ලංකාවේ නම් දැරූ හෝටල් ආශ්‍රිතව වාර්තා වූ ඇතැම් සිදුවීම් සමඟ අමුත්තන්ගේ පෞද්ගලිකත්වය සහ ඔවුන්ගේ පෞද්ගලික තොරතුරුවල ආරක්ෂාව පිළිබඳ දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා. විශේෂයෙන් ආරක්ෂිත කැමරා දර්ශන, වීඩියෝ සහ අමුත්තන්ගේ පෞද්ගලික තොරතුරු බාහිර පාර්ශ්වයන් අතට පත්වීම මේ වන විට බරපතළ ගැටලුවක් බවට පත්ව අවසන්.

 

ඇත්තටම හෝටලයක නවාතැන් ගන්නා අමුත්තෙකුට හිමි පෞද්ගලිකත්වය රැකීමට එම හෝටලය විසින් කෙතරම් දුරට බැඳී සිටිනවාද? අමුත්තන්ගේ තොරතුරු සහ ආරක්ෂිත කැමරා දර්ශන රැකගැනීම සම්බන්ධයෙන් හෝටලයට තිබෙන වගකීම කුමක්ද? ඒ පෞද්ගලිකත්වය උල්ලංඝනය වුණොත් ගත හැකි පියවර මොනවාද? මෙවර නීති අතිරේකයෙන් අපි කතා කරන්නේ ඒ ගැනයි.

 

හෝටලයක නේවාසිකව රැඳී සිටින අමුත්තෙකුගේ පෞද්ගලිකත්වය සහ පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් හෝටල් කළමනාකාරීත්වයට නීතියෙන් පැවරෙන වගකීම කුමක්ද?

 

නේවාසික අමුත්තෙකුගේ පෞද්ගලිකත්වය සහ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම හෝටල් කළමනාකාරීත්වයේ වගකීමක්. ඒ නිසා අමුත්තන් ලබාදෙන හැඳුනුම්පත් විස්තර, දුරකථන අංක, ලිපින වගේ පෞද්ගලික තොරතුරු බාහිර පාර්ශ්වයන් අතට පත් නොකොට ආරක්ෂා කළ යුතුයි. ඒ තොරතුරු නීතිමය පදනමක් නැතුව වෙනත් අරමුණු සඳහා භාවිත කරන්න බැහැ.

 

ඒ වගේම අමුත්තෙකු නේවාසිකව සිටින කාලය තුළ ඔහු හෝ ඇය භාවිත කරන කාමරයේ පෞද්ගලිකත්වයත් ආරක්ෂා කළ යුතුයි. සාමාන්‍යයෙන් නීතිමය හේතුවක් හෝ හදිසි අවස්ථාවක් නොමැති නම් අමුත්තාගේ අවසරයකින් තොරව කාමරයට ඇතුළු වීම සුදුසු නැහැ.

 

කෙසේ වෙතත්, පොලිසිය හෝ වෙනත් බලයලත් රාජ්‍ය ආයතනයක් නීත්‍යානුකූල බලයක් යටතේ අමුත්තෙකුගේ තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවකදී, හෝටලයට එම තොරතුරු ලබාදීමට සිදුවෙන්න පුළුවන්. හැබැයි එවැනි අවස්ථාවකදී හෝටලය විසින් අදාළ ආයතනයට එම තොරතුරු ලබාදීමට නීතියෙන් අවසරදී ඇතිද යන්න සහ එම ඉල්ලීම සඳහා නීතිමය පදනමක් තිබෙනවාද යන්න සලකා බැලිය යුතුයි.

සැකසුම – කිත්මි ගීසරා
උපදෙස් – ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්ෂිකා රත්නායක
 
සම්පුර්ණ ලිපිය කියවන්න ධරණී පුවත්පත බලන්න