Latest News

15 දැරිය විකිණූ අය ඉල්ලූ ඇප ප්‍රතික්ෂේප වේ!

අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා තමා මිලදී ගත් හිටපු බැංකු කළමනාකරුවකු, උප පොලිස් පරීක්ෂකවරයකු සහ තවත් අයකු පහළොස් හැවිරිදි දැරිය ඊයේ (20 වැනිදා) පහසුවෙන් හඳුනා ගත්තාය.

අදාළ සැකකරුවන් තිදෙනා හඳුනා ගැනීම වෙනුවෙන් කොළඹ වැඩබලන මහෙස්ත්‍රාත් පී.ඩී. පෙරේරා ඉදිරියේ පැවැති පෙරෙට්ටුවේදී දැරිය, එම සැකකරුවන් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන තිබුණි.

තමාව ලිංගික කටයුතු සඳහා මිලදී ගත් බවට දැරිය මෙලෙස හඳුනා ගනු ලැබුවේ රජයේ ප්‍රධාන පෙළේ බැංකුවක හිටපු කළමනාකරුවකු වන අංක 29/ඒ, පීරිස් පාර, ගල්කිස්ස ලිපිනයේ පදිංචි 62 හැවිරිද සුන්දරම් විමලචන්ද්‍රන්, පොලිස් ක්‍රීඩා කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන අංක 03, ප්‍රනාන්දු මාවත, මඩකලපුව පදිංචි උප පොලිස් පරීක්ෂක රාජසේකරන් දිලුක්හරන් සහ වරාතැන්න, හැල්ඔළුව, පේරාදෙණිය පදිංචි ඒකරත්න මුදියන්සේලාගේ අබේරත්න බණ්ඩා නමැති අයයි.

අදාළ සැකකරුවන් මෙම 26 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා නියෝග කළාය.

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර පහළොස් හැවිරිදි දැරියක අලෙවි කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සැකකරුවන් තිදෙනකුට ඇප ලබාදෙන ලෙසට ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම්ද මහෙස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළාය.