Latest News

දවස් දෙකක් රටම අඳුරේ

මෙරට එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව විරෝධය පළකරමින් පැය 48 ක වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුකල බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ 11 ක නායකයන් හා ඛනිජ තෙල්, විදුලිබල සහ වරාය වෘත්තීය සමිති කිහිපයක නායකයන් අතර සාකච්ඡාවක් බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ දී පවත්වා තිබුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් ජයලාල් මහතා කළේ, ආණ්ඩුව මෙම නරුම ප්‍රතිපත්තිය අකුලා ගැනීමට සුදානමක් නොමැති හෙයින් දින දෙකක් රටේ ජනතාවට අඳුරේ සිටීමට සිදුවන බවයි.