Latest News

21 වැනිදා ආරම්භ වන පාසල්

පළාත් සභා යටතේ පාලනය වන ළමයින් 200ට අඩු ප්‍රාථමික පාසල් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත් ව යළි විවෘත කිරීමට පළාත් ආණ්ඩුකාරවරුන් තීරණය කර තිබෙනවා.

මෙම සාකච්ඡාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වූ අතර ආණ්ඩුකාරවරුන් තීරණය කර ඇත්තේ මේ මස 21 වනදා එම පාසල් යළි විවෘත කිරීමට යි.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා දිවයිනේ පළාත් නවයෙහිම ආණ්ඩුකාරවරුන් ද , පළාත් ප්‍රධාන ලේකම්වරුන් ද , පළාත් අධ්‍යාපන ලේකම්වරු හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් ද ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදුන්නා.