Latest News

සය හැවිරිදි දරුවෙකු අකුණු සැරට බිලිවෙයි

ආණමඩුව, ඌරියාව ප්‍රදේශයේ වයස අවුරුදු 6ක පමණ දරුවෙකු අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉකුත් (30) වැනිදා පස්වරුවේ පියා විසින් මිලදී ගත් ඉඩමක ඉදිකර තිබූ කුඩා පැලකට පැමිණි අවස්ථාවේදී එම දරුවා ට අකුණු සැර වැදී ඇති අතර අනතුරින් කම්පනයට පත්ව සිටි දරුවාව එම අවස්ථාවේදීම ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇත.

කෙසේවෙතත් ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී දරුවා මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ මාරවිල මහවැව ප්‍රදේශයේ පදිංචි ඉඳුසර සංදීප නැමති දරුවෙක් බව පොලිසිය සඳහන් කළා.