News

බත්තරමුල්ලේ යාචකයෙක්ට කොවිඩ්

බත්තරමුල්ල ප්‍රදේශයේ රැඳී සිටි යාචකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

අහඹු ලෙස සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකදී ඔහු කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.

ඒ අනුව ඔහු සමීපව ඇසුරු කළ තවත් යාචකයින් අටදෙනෙකු නිට්ටඹුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.