Latest News

මන්දමානසික දැරියක් රවටා මුදල් ගත් රෝහල් සේවිකාව අත්අඩංගුවට

සිය මිත්තණිය සමග බඩේ රුදාවක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට බළන්ගොඩ රෝහලට ගිය මන්දමානසික දැරියක් රැවටු රෝහල් සේවිකාවක් සම්බන්ධ පුවතක් බළන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එහිදී රෝහලේ සුළු සේවිකාවක් විසින් අදාළ දැරිය ගැබ්ගෙන ඇති බවත් එය ඉවත් කිරීමට රහසේ බෙහෙත් ලබා දිය හැකි බවත් පවසා රුපියල් 43000 ක මුදලක් වංචා කර තිබෙනවා.

අදාළ දැරියට ලබා දුන් ඖෂධ මගින් බඩේ රුදාව සුවවීම හේතුවෙන් දැරිය ගැබ් ගෙන නොමැති බව දැනගත් මිත්තණිය ඒ සම්බන්ධයෙන් බළන්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව රෝහල් සේවිකාව මේ මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළන්ගොඩ මහෙස්ත්‍රාත් බී.කේ.වී. හේෂානි රොඩ්රිගෝ මහත්මිය නියෝග කළා.