Latest News

පාසල් ආරම්භ වෙයි – නිල ඇදුම බාධාවක් නොවෙයි

සය මසක කාල සීමාවකට පසු දිවයිනේ පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යන කටයුතු අද(25) ආරම්භ කෙරුණා.

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පාසල් අධ්‍යන කටයුතු සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශ සඳහන් කළා.

සමාජ දුරස්ථභාවය ආරක්ෂා වන පරිදි පංති කාමරවල අධ්‍යයන කටයුතු සිදුකිරීමට උපදෙස් ලබාදී ඇති අතර වැඩි ළමුන් සංඛ්‍යාවක් සිටින පංති සඳහා කණ්ඩායම් වශයෙන් ළමුන් පාසලට ගෙන්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සියලුම විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

පාසල්වල ප්‍රාථමික අංශයේ සිසුන් පාසල් වෙත පැමිණීමේදි නිල ඇදුම බාධාවක් කර නොගෙන සුදුසු ඇඳුමකින් සැරසී පාසල්වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ දැනුම් දී තිබුණා.

මේ අතර අධ්‍යයන කටයුතු ආරම්භ කරන පාසල් නිරන්තරයෙන් පරික්ෂාවට ලක්කිරීමට සහ අවශ්‍ය උපදෙස් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ පාසල් ගුරුවරුන්ට, ළමුන්ට සහ දෙමව්පියන්ට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සුදානමින් සිටින බවයි.

වර්ජනයේ නිරත වු ගුරු විදුහල්පතිවරුන් ද අද දිනයේ සිට සියලු ගුරු විදුහල්පති වෘත්තීය සමිති ද ඉගැන්වීම් කටයුතු සඳහා පාසල් වෙත පැමිණීමට තීරණය කර තිබෙනවා.