Latest News

විවාහ උත්සව සඳහා නීති වෙනස් වෙයි

විවාහ උත්සව හා රැස්වීම් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවට අනුව යම් යම් සීමාවන්ට යටත්ව අද (26) සිට සහභාගි කළ හැකි පිරිස සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව භෝජන ශාලාවල සිටිය හැකි පුද්ගලයින් ගණන එහි ධාරිතාවෙන් 1/3ක් හෝ උපරිම පුද්ගලයින් 75කට නොවැඩි විය යුතුයි.

එළිමහන් උත්සව සඳහා සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව පුද්ගලයින් 100ක් දක්වා වැඩිකර ඇති අතර මංගල උත්සව සඳහා එම ශාලාවේ ධාරිතාවෙන් 1/3ක් හෝ පිරිස 100 දෙනෙකුට නොවැඩි විය යුතු බව සඳහන් නිවේදනයේ සඳහන්.

මෙහිදී එළිමහන් මංගල උත්සව අමුත්තන් 150ක උපරිමයකට යටත්ව පැවැත්වීමට අවසර හිමි වනවා.

කෙසේ වුවත් විවාහ මංගල උත්සවවලදී මත්පැන් භාවිතා කිරිමට තවදුරටත් අවසර හිමි නොවනු ඇත.

එමෙන්ම නිල රැස්වීම් සඳහා අවසර හිමිවන්නේ එම රැස්වීම පවත්වන ශාලාවේ ධාරිතාවෙන් 1/3ක් හෝ උපරිම පිරිස 150කට නොවැඩි විය යුතුයි.