Latest News

කවුරු මඩ ගැහුවත් තනතුරේ වගකීම් ඉටු කරනවා – අලි සබ්රි

මුදල් අමාත්‍ය ධූරයේ තවමත් කටයුතු කරන බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

මෙම තනතුර භාර ගැනීමට කවුරු හෝ විශේෂඥයකු ඉදිරිපත් නොවන්නේ නම් බෙල්ල ගහල ගියත්, කවුරු මඩ ගැහුවත් තනතුරේ වගකීම් ඉටු කරමින් රට වෙනුවෙන් කැපවන බවද ඒ මහතා සඳහන් කළා.

මේ අතර මුදල් අමාත්‍ය ධූරය භාර ගැනීමට විශේෂඥයකු ඉදිරිපත් වන්නේ නම්, තමා එය භාර දීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් මන්ත්‍රී ධූරය පවා කැප කිරීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.