Latest News

සැමියාගෙ වෙඩි පහරින් අවසන් ගමන් ගිය බිරිඳ

සැමියා විසින් සිය බිරිඳට වෙඩි තබා ඝාතනය කර ඇති සිද්ධියක් ඇඹිලිපිටිය, කරදමණ්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පෞද්ගලික් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් ඊයේ (26) උදෑසන එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, 35 හැවිරිදි කාන්තාවක්.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සඳහා යොදාගත් ගිනි අවියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු අද (27) අඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු ඇඹිලිපිටිය පොලීසිය මගින් සිදුකරනු ලබනවා.

.