Latest News

ජනපතිට විරුද්ධව කොළඹ ආනන්ද සිසුන්ගේ විරෝධතාවයක්

කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසු දරුවන් සහ ගුරුවරුන් අද (05) දහවල් විරෝධතා ව්‍යාපාරයකට එක්ව තිබෙනවා.

පවතින ආර්ථික පීඩනයට විරුද්ධව ඔවුන් පැයකට අධික කාලයක් ප්‍රධාන මාර්ගය ඉදිරිපිට එක්රැස්ව මෙලෙස විරෝධතාවේ නිරත වුණා.

මෙම විරෝධතාවට ප්‍රදේශයේ සිටි බොහෝ පිරිසක් ද එක්ව සිටි අතර, මේ හේතුවෙන් මරදාන ප්‍රදේශයේ තරමක රථ වාහන තදබදයක් ද හට ගැනුණා.

කෙසේවෙතත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ආණ්ඩුවේ ඉහළ තනතුරු දරන බොහෝ දෙනෙක් ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූවන් වීම මෙහි විශේෂත්වයක්.