Latest News

නැන්දම්මා ඝාතනය කර සැඟව සිටි බෑනා අත්අඩංගුවට

අඟුරුවාතොට සිදුවූ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් සැඟව සිටි සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලුහේන ගල්පාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ සැකකරු 36 හැවිරිදි දෙදරු පියෙක් වන අතර ඔහු තෙබුවන ගල්පාත ප්‍රදේශයේ පාළු දෙමහල් නිවසක සැඟව සිටියදී ඊයේ (31) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉකුත් (30) වැනිදා රාත්‍රී කාලයේදී අදාළ නිවසට පැමිණ ඇති සැකකරු එහි සිටි බිරිඳගේ මවට සහ පියාට පොල්ලකින් සහ දියුණු ආයුධයකින් පහරදී ඇත.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 58 හැවිරිදි කාන්තාව එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ දියණිය සමග සැකකරු විවාහ වී තෙබුවන ප්‍රදේශයේ ජීවත්ව ඇති අතර ඔවුන් අතර නිතර පවුල් ආරවුල් ඇතිවන හෙයින් මියගිය කාන්තාව විසින් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබූ බව පොලීසිය පවසනවා.

ඝාතනයට හේතුව පොලීසියට පැමිණිලි කිරීම බවට සැක කෙරේ.

මෙහිදී පොලිසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් හේතුවෙන් බිරිඳ සිය 3 හැවිරිදි සහ 10 හැවිරිදි දියණියන් දෙදෙනා සමග නිවසෙන් පිටව ගොස් ද තිබූ බවයි.

සැකකරු ඝාතනයට යොදාගත් බවට සැක කෙරෙන පිහිය සහ යතුරුපැදියක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.