Latest News

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් කොවිඩ් අවධානමක

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාථමික අංශ පාසල් තුළ සිසුන් සහ ගුරුවරුන් වැඩි වශයෙන් කොවිඩ් 19 වෛරස ආසාදනයට ලක්ව ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ඉදිරියේ දී එම තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ, වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්. බී රත්නායක මහතා සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වෛද්‍යවරයා සඳහන් කළේ, අනුරාධපුර නගර සභාව, ගලෙන්බිඳුනුවැව, පදවිය, තලාව සහ කහටගස්දිගිලිය වැනි ප්‍රදේශවල කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන බවයි.

එසේම හොරෙව්පතාන, පදවිය සහ තලාව යන ප්‍රදේශවල ප්‍රාථමික පාසල්වල සිසුන් හා ගුරුවරු මේ වන විට නිරෝධායනයට ලක්කර ඇතැයි ද වෛද්‍ය ආර්.එම්.එස්. බී රත්නායක මහතා පැවසුවා.

“පාසල් ළමුන් 6 දෙනෙක් අපි මේ වනවිට ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ගුරුභවතුන් 3 දෙනෙක් ආසාදිත වෙලා තියෙනවා පසුගිය දින හතර පහ තුළ. පාසල් යන 2 සහ 3 වසරවල ප්‍රාථමික ශ්‍රේණිවල ළමුන් මේ වන විට ගොදුරුවෙලා තියෙනවා. පාසල් ළමුන් 40ක් නිරෝධායනයට ලක්කර තිබෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා සංචරණ පුළුවන් තරම් අවශ්‍යතාවයට පමණක් සීමා කරන ලෙස.”