Latest News

මෙරට ආහාර සුරක්ෂිතතාව සඳහා ඕස්ට්‍රේලියාවෙන් ආධාරයක්

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සඳහා ඕස්ට්‍රේලියාව ඩොලර් මිලියන 2.5 ක් ලෝක ආහාර වැඩසටහන (WFP) සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හරහා ලබා දී තිබෙනවා.

මෙම ඩොලර් මිලියන 2.5ක ඉලක්කගත සංවර්ධන ආධාරය, ළමා පෝෂණයටත් කුඩා වතු හිමියන් ශක්තිමත් කිරීමට හා ග්‍රාමීය ප්‍රදේශවල ජීවනෝපාය වැඩිදියුණු කිරීමටත් දායකත්වය ලබා දෙනවා.

මේ අතර වයස අවුරුදු 5ට අඩු කුඩා දරුවන් සිටින මව්වරුන් හා ගර්භනී කාන්තාවන් සිටින කාන්තා මූලික නිවාස සඳහා සමාජ ආරක්ෂාව සැපයීම හා ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටද ඔවුන් අවධානය යොමුකර තිබෙනවා.

ලෝක ආහාර වැඩසටහන මගින් පාසල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සඳහාද අවධානය යොමු කර ඇති අතර ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් පාසල් උද්‍යාන වැඩසටහනකට සහාය දක්වා තිබෙනවා.