Latest News

ඔට්සම් රෝගයට බිඳ හෙළීමට නොහැකි වූ ජියාගේ ආත්ම ශක්තිය

ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙළෙන 13 හැවිරිදි දැරියක් සම්බන්ධයෙන් අපුරු පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඒ ඇය විසින් ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පෝක් සමුද්‍ර සන්ධිය හරහා පැය 13ක කාලයකදී පිහිනා යමින් වාර්තාවක් පිහිටු විමත් සමගයි.

ජියා රායි නමැති මෙම දැරිය පසුගිය 20 වනදා තලෙයිමන්නාරම සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි, අරිච්චල් වෙරළ තීරය කරා පිහිනීම ආරම්භ කර තිබුණා.

ඇය විසින් කිලෝමීටර 29ක දුරක් පැය 13ක කාලයක දී පිහිනා නිමකර තිබෙනවා.

මෙම දැරියගේ පියා ඉන්දීය නාවික හමුදාවේ සාමාජිකයෙක් ද වනවා.

මේ අතර ජියා රායි මින් පෙර වයස අවුරුදු 18ට අඩු ඉන්දීය දරුවන් සඳහා පිදෙන ඉහළම ගෞරව සම්මානයෙන්ද පිදුම් ලබා තිබෙනවා.