Latest News

බදුර්දීන්ගේ නිවසේ මියගිය දැරිය ගැන කතා නැත්තේ ඇයි?

පා.ම. රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියගිය දැරියක් පිළිබඳව පුවතක් පසුගිය බ්‍රහස්පතින්දා (15) වාර්තා විය. පිළිස්සුම් තුවාල හේතුවෙන් ඇයව රෝහල්ගත කර තිබුණේ මේ මස 3 වැනිදාය. ඒ වනවිටත් ඇගේ සිරුරෙන් 75%ක් පමණ පිළිස්සි තිබුණු අතර පිළිස්සීමට ලක්වූ කාරණය දැරිය මියයන තෙක්ම අනාවරණය වී නැත. පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඇය සියදිවි නසාගැනීමේ අරමුණින් සිරුරට ගිනි තබාගෙන ඇති බවයි.

දැරිය සත්‍ය වශයෙන්ම ගිනි තබාගත්තත් බදුර්දීන් මන්ත්‍රීවරයා සිදුකර ඇත්තේ බරපතළ වරදකි. එනම් බාලවයස්කාර දැරියක් සේවයේ යෙදවීමයි. වයස අවුරුදු 16ක් වනතෙක් පුද්ගලයෙකු රැකියාවක යෙදවීම නීතිවිරෝධී වුවත් මෙම දැරිය මෙහෙකාර සේවයට ගෙනැවිත් ඇත්තේ වයස අවුරුදු 15 මාස 11දීය.

එසේම අධිකරණ වෛද්‍ය නිලධාරියා සිය වාර්තාවෙන් හෙළිකරන පරිදි මියගිය දැරියගේ සිරුරට වයස අවුරුදු 12 සිටම ලිංගික සම්ප්‍රේෂණයක් සිදුව ඇත.

කෙසේ වෙතත් පොලිසිය හෝ ළමයින් වෙනුවෙන් පෙනී සිටින ජාතික ළමා ආරක්ෂක අධිකාරියද තවමත් මේ ගැන නිසි අවධානයක් යොමු නොකරන්නේ ඇයිද යන්න ගැටළුවකි.