Latest News

නිරංජනීට ජාත්‍යන්තර සම්මානයක්

පසුගිය වසරේ මෙරට තිරගත වූ සුනාමි චිත්‍රපටය නයිජීරියාවේ Bayelsa ජාත්‍යන්තර සිනමා සම්මාන උළේලේදි (BIFF 2021 ) ජාත්‍යන්තර සම්මාන ද්විත්වයක් හිමිව තිබෙනවා.

එහිදී හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනුවෙන් ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා සම්මානයට පාත්‍රව තිබෙනවා.

ඒ ඔහු අධ්‍යක්ෂණය කළ සුනාමි චිත්‍රපටය වෙනුවෙන්.

මේ අතර එම චිත්‍රපටයේ කල්‍යාණි ලෙස රංගනයේ යෙදුණ නිරංජනී ෂම්මුගරාජා Bayelsa ජාත්‍යන්තර සිනමා සම්මාන උළේලේදි හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍රව තිබෙනවා.

පසුගිය 24 වනදා නයිජීරියාවේ පැවති මෙම චිත්‍රපට සම්මාන උළෙල සඳහා රටවල් 86ක චිත්‍රපට 1300ක් ඉදිරිපත්කර ඇත.