Latest News

දිය නාමින් සිටි 15 හැවිරිදි දරුවෙකු කිඹුලෙකු ඇදගෙන යයි

ගල්කිරියාගම ප්‍රදේශයේ මානේරුව රඹවැවේ දිය නාමින් සිටි දරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ, මානේරුව, නෑගම්පාන ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි දරුවෙක්.

ඊයේ(11) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර කිඹුලා විසින් ඩැහැගෙන ගිය දරුවා සෙවීමේ කටයුතු නාවික හමුදාව සහ පොලිසිය එක්ව සිදු කරනවා.