Latest News

සිහි නැති කරවීමකින් තොරව සිදුකර මොළයේ සැත්කම

මොළයේ පිළිකාවකින් පීඩාවිඳින කාන්තාවක් වෙනුවෙන් සිදුකළ විස්මිත සැත්කමක් පිළිබඳ පුවතක් බදුල්ල මහ රෝහලෙන් වාර්තා වුණා.

මෙම විස්මිත සැත්කම සිදුකර තිබුණේ මොළයේ ඇති වූ පිළිකාවක් හේතුවෙන් පීඩාවට පත්ව සිටි කාන්තාවක් වෙනුවෙන් වන අතර ඇයගේ රෝගී තත්ත්වය අනුව ඇයට මෙම සැත්කම සිදුකළ යුතුව තිබුණේ නිර්වින්දනය කිරීමකින් තොරව ඇය අවදියෙන් සිටියදීය.

ඒ අනුව එම අසීරු කාර්ය භාරගත් බදුල්ල රෝහලේ වෛද්‍යවරුන් ප්‍රථමයෙන් ඇය නිර්වින්දනය කර ඇයගේ හිස් කබල විවෘත කර නැවත ඇයට සිහිය ලබාගෙන සැත්කම ආරම්භ කර තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ ඇය සමග අදහස් හුවමාරු කරගනිමින් ඇයගේ මොළයේ හටගෙන ගෙඩියක් කපා ඉවත් කිරීමයි.

මෙහිද අදහස් දැක්වූ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය හර්ෂිකා හැන්නදිගේ මහත්මිය,

“සර්ජන්ට අවශ්‍ය වුණා මොළේ ගෙඩිය ආශ්‍රිතව කැපුම් සිදුකරද්දි රෝගියා එක්ක කතාබහ කරන්න. රෝගියාගේ අත හොලවලා බලන්න. රෝගියා සමග කතාබහ කරමින් තමයි ගෙඩිය ආශ්‍රිත කැපුම් සිදුකළේ.”