Latest News

ජාතික රෝහලේ නැවත ඇරඹු බයිපාස් හෘද සැත්කම්

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් නවතා දමා තිබූ කොළඹ ජාතික රෝහලේ බයිපාස් හෘද සැත්කම් එළැඹෙන සතියේ සිට නැවත ආරම්භ කරන බව ජාතික රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා ප්‍රකාශ කළා.

මේ දිනවල එම බයිපාස් සැත්කම් සඳහා පොරොත්තු ලේඛනයේ රැඳී සිටින රෝගීන්ව වෛද්‍ය පරීක්ෂණයන්ට ලක්කිරීම හා ශල්‍යාගාර විෂබීජහරණය කරමින් සැත්කම් සඳහා සූදානම් වීම ආරම්භ කර තිබෙනවා.

ජාතික රෝහලේ බයිපාස් සැත්කම්, ශල්‍යාගාර දෙකක සිදුකරන අතර දිනකට සැත්කම් 5ක් පමණ එහිදී සිදුකරනු ලබනවා.

ඒ අනුව පොරොත්තු ලේඛනයේ සැත්කම් අපේක්ෂාවෙන් සිටින රෝගීන් ඉක්මනින් සැත්කම් සඳහා ලක්කළ හැකි බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පෙන්වා දෙනවා.