ඉස්සර වගේ නෙවෙයි මං වෙනස් වෙලා කියලා මටම දැනෙන තැන්වලදී පොඩි සතුටකින් හිත පිරෙනවා. හිත කළකිරවන සිද්ධියක වුණත් හොඳක් හොයාගෙන හිත සන්සුන් කරගන්න තරමට පරිණත වෙලා කියලා දැනෙනකොට සතුට වැඩියි.
Read More »
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ තමන් යන ගමන් බිමන් ගැන මුහුණුපොත ඇතුළු අනෙකුත් සමාජ මාධ්‍යවලට තොරතුරු එක්කරන්න එපා. ඒ යන ගමන් බිමන්වල ඡායාරූප Fb එකට දානවා කියන්නේ සොරුන්ට ගෙදරදොර හැරලා දෙනවා වගේ වැඩක්
ජ්‍යේෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ
Read More »
ජැක් ඉපදුනේ 1964 අවුරුද්දේ චීනයේ දකුණු නැගෙනහිර හැංග්ෂු පළාතේ ආර්ථික අතින් දුෂ්කරම පවුලක. ඒ නිසා ඉපදුනු දවසේ ඉඳන්ම මේ දරුවට විඳින්න වුනේ ඉතාම දුෂ්කර ජීවිතයක්. නාට්‍ය ශාලාවක පුංචි රැකියාවක් කරපු පියාගේ සොච්චම් පඩියෙන් තමයි පුංචි ජැක්ගේ පවුලේ අය බඩගින්න නිවාගත්තේ.
Read More »
කොහේ කොතනක ගියත් හරියටම රෑ අට වෙනකොට තමන් කැමතිම සුපිරි තරුව සින්දු කියන හැටි බලන්න ගෙදර දුවපු කාලයක් අපිටත් තිබුනනේ. ඒ රූපවාහිනී නාලිකා වලින් සුපිරි තරු බිහිකරන්න පටන් ගනිපු මුල්ම කාලේ. සඳුනි කියන්නෙත් ඒ වගේ ඒ කාලේ තරුණියො පිස්සු වට්ටපු සුපිරි තරුවකට පණ ඇරලා හිටපු තරුණියක්.
Read More »
දහම් වැඩ ඇරිලා ආපු වෙලාවේ ඉඳගෙන ඉනෝකා දහම්ගේ වටේ කැරකුණේ අලුත්ම ආරංචියක් කියන්න.
“දහම්, මට පොඩි වැඩක් සෙට් වුණා.”
“ආ??” දහම්ට කියවුනේ පුදුමයෙන්.
“එයාලා පිටරටට ප්ලාස්ටික් මල් යවන කම්පැනි එකක්. මට හම්බුණේ ෆේස්බුක් එක බල බල ඉද්දි. ඉතින් මම කෝල් කළා. එයාලා ගෙදරට බඩු ගෙනත් දෙනවලු.
Read More »
ප්‍රසිද්ධිය සහ ජනප්‍රියත්වය කියන්නේ පැහැදිලිවම එකිනෙකට වෙනස් කාරනා දෙකක්. හැබැයි ගොඩක් දෙනා මේ දෙක පටලගන්නවා. හොද දේවල් නෙවෙයි නරක දේවල් විතරක් කරලා වුනත් කෙනෙක්ට ප්‍රසිද්ධ වෙන්න පුලුවන්. එහෙම ප්‍රසිද්ධ වුණු උදවිය ඕනතරම් ඉන්නවා.
Read More »
නිවසක වැටක් අසලට වී මිනිස් හඬ අසමින් පාඩුවේ ඉන්නා අලියෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතියි. ඒ රාජුය. රාජු එන්නේ උපුලි බලන්නටය. ගමේ මිනිසුන් කියන්නේ රාජු උපුලිගේ ලොකු පුතා බවය.
Read More »
බහතෝරන වියේ සිටි පුංචි ගිහන්සා, ඇගේ භාෂාවෙන් මොන මොනවාදෝ කියන්නට වූවාය. දවසේ වැඩි හරියක් බිම එළන ලද පැදුරක අතපය සොලවමින් උන් පුංචි පැටික්කිය ගැන බලන්නට ඇගේ කිරි අම්මාටද ලොකු වෙලාවක් තිබුණේ නැත.
Read More »
නළල මැද්දෙ මහ විවරයක්. එතැනින් හිස්කබල පේනවා. මට කණ්නාඩිය දෙස බලන්න බැරි වුණා. ඒක ඉතාම දරුණු කම්පනයක්. මම හිතුවෙ සියල්ල අවසන් කියලා
Read More »
මේ දවස්වල තෙල් පෝලිම්, කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම්, අර පෝලිම්, මේ පෝලිම්වලටම වෙන්වෙලා තිබුණු සමාජ මාධ්‍යයේ එක්වරම විදෙස් තරුණියන් දෙදෙනෙක් පෝලිම් පැනගෙන ඉදිරියට ආවා. මේ දෙන්නම ඉතාම ජනප්‍රියයි. එයින් එක්කෙනෙක් තමයි සුපිරි ගායිකා රිහානා. අනෙක් කෙනා සුපිරි නිළි ප්‍රියංකා චොප්රා.
Read More »
රශ්මිකාට දැනුණේ හිස ගිනිගෙන ඇති සේය. තමා කාර්යාලයට ඇතුළු වද්දීම ඒ සමිත කීවේ කුමක්ද?
‘‘ආ නංගී ඊයේ සැපයිලු නේද?’’ සමිතට හිනාවකින් පිළිතුරු දී ආවත් රශ්මිකාගේ පපුව ගැහෙයි.
තාමත් කමල් පැමිණ නැත. ඔහු සිටියා නම් සමිත කී කතාවේ තේරුම ඔහුගෙන් අසා ගන්නට තිබිණි.
රශ්මිකා දුරකතනය අතට ගත්තාය.
Read More »