Latest News

කොවිඩ් මාරයා බිලිගත් මල් කැකුළ

නාවල, ජනාධිපති බාලිකා විද්‍යාලයේ දොළොස් හැවිරිදි පාසල් සිසුවියක් කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ එම පාසලේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අභිමානී නවෝද්‍යා සේරසුන්දර නමැති සිසුවියක් වන අතර ඇය රාජගිරිය ප්‍රදේශයේ ගල්පොත්ත පාරේ පදිංචිව සිටියා.

ඉකුත් සතියේ දැරියට හටගත් සුළු අසනීප තත්වයක් පසුව ශ්වසන අපහසුතාවක් දක්වා වර්ධනයවී තිබුණා.

පසුව ඇය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බවත් එහිදී කළ පී.සී.ආර් පරීක්ෂණයකදී දැරියට කොවිඩ් 19 වෛරසය ආසාදනයවී ඇතැයි හඳුනා ගත් බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කළා.

මියගිය දැරියගේ අවසන් කටයුතු ඊයේ (23)සිදුකෙරුණු අතර ඇයගේ පවුලේ සාමාජිකයින් සියලුදෙනා ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙනවා.