Latest News

අලුත් මහ බැංකු අධිපතිවරයා කවුද?

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යවා ඇති බව ට්විටර් සටහනක් තබමින් අද පෙරවරුවේ කියා සිටියා.

කෙසේනමුත් අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සභාපතිත්වයෙන් යුතු මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (04) රැස්ව තිබෙනවා.

එහිදී 2022 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (05) දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරය භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසීමක් කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ වන විට විදෙස්ගතව සිටින අතර අදාළ යෝජනාව සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රතිචාරය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නැත.