Latest News

පුහුණුකරුවන්ගේ ඉහළම ඡන්දය චමරිට!

කාන්තා බිග් බෑශ් තරඟාවලියේ මූලික වටය පෙරේදා(26 වෙනිදා) අවසන් වීමත් සමගින් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් රටෙහි ප්‍රධාන පුහුණුකරුවන්ගේ ඡන්දය අනුව තෝරන ලද තරගාවලියේ කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු නම් කර ඇත.

කණ්ඩායම් අංක 3 පිතිකරු ලෙස චමරිව නම් කර ඇති අතර සිඩ්නි තන්ඩර් කණ්ඩායමෙන් මේ සඳහා නම් වූ එකම ක්‍රීඩිකාව ද ඇය වීම විශේෂත්වයකි.