Latest News

කැන්ගරු පිටිය දෙවනත් කළ චමරි අතපත්තු

පර්ත් කණ්ඩායම නියෝජනය කරමින් බිග්බෑෂ් තරඟාවලිය සඳහා මෙරටින් සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තු අද බිග්බෑෂ් පිටිය තමන්ගේ කරගනිමින් තියුණු සටනක නිරතව තිබෙනවා.

චමරි අතපත්තු නොම්බර හතර පිතිකාරනියක් ලෙස පර්ත් කණ්ඩායම නියෝජනය කරමින් පිටියට පිවිසෙමින් සිඩ්නි තන්ඩර්ස් ක්‍රීඩිකාවන්ට එරෙහිව පන්දු 42ක් පුරා නොදැවී ලකුණු 70ක් රැස් කරා.

ඊට හතරේ පහරවල් අටකුත් හයේ පහරවල් ද්විත්වයක් ද ඇතුලත්.

ඇය බිග්බෑෂ් තරඟාවලිය සඳහා සහභාගී වීමට පසුගිය සැප්තැම්බර් මස ඔස්ට්‍රේලියාව බලා දිවයිනෙන් පිටත්ව තිබුණා.