Latest News

බාලවයස්කාර දරුවන් අපයෝජනය කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට

බාලවයස්කාර සිසුන් අපයොජනය කිරිම සම්බන්ධයෙන් උණවටුන ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල ප්‍රදේශයේ පාසල් කිහිපයක දරුවන්ගේ දෙමව්පියන් විසින්, පුද්ගලයෙකු තම දරුවන් ලිංගික අපයෝජනයට යොදා ගැනීමක් සම්බන්ධයෙන් ලබාදෙන ලද තොරතුරු අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

අදාළ සැකකරු විසින් දරුවන්ගේ තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර වට්ස්ඇප් මාර්ගයෙන් අපයෝජනයන් සඳහා එම දරුවන් යොදාගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද (11) නියෝග කළා.