Latest News

බාල වයස්කාර දැරිය ලිංගික කටයුතු වල යෙදවූ සැකකරුට ඇප

බාල වයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා මුදලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වෙමින් රුපියල් කෝටි ගණනාවක වටිනා වත්කම් නීතිවිරෝධි ලෙස උපයා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගරගත කළ රජිව් ජයතිලක නමැත්තා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ කොළඹ වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ හමුවට ඊයේ (31) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී අදාළ සැකකරු රුපියල් ලක්ෂ 100 බැගින් වු ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

ළමා ආරක්ෂණ අධිකාරිය විසින් සිදුකළ විමර්ශනවලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් ඉපයීමේ අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර තිබුණා.

එහිදී සැකකරු මුදල් හා දේපල නීති විරෝධි අන්දමින් උපයාගෙන ඇති බවට අනාවරණ වී ඇති අතර නඩුව ලබන ජුනි 30 වනදා යළි කැඳවීමට නියමිතයි.