Latest News

දැරිය දූෂණය කෙරූ ටියුෂන් පංති ගුරුවරයා මාට්ටු

අමතර පංතියක් සඳහා සහභාගී වූ පාසල් ශිෂ්‍යාවක් අමානුෂික ලෙස දූෂණය වීමේ පුවතක් මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වුණා.

උඩුප්පුකුලම් ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරියක් මෙලෙස දූෂණය වී තිබෙනවා.

වයස අවුරුදු 72 ක් වන විශ්‍රාමික ගුරුවරයෙකු විසින් අදාළ දැරිය දුෂණය කර ඇති අතර ඔහු යාපනය, නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

මෙම ගුරුවරයා මුලතිව්, උඩුප්පුකුලම් ගම්මානයේ නිවසක පදිංචි වී දරුවන්ට අමතර පන්ති පවත්වා තිබෙනවා.

එලෙස අමතර පන්තියකට සහභාගී වීමට පැමිණි ශිෂ්‍යාවක් අදාළ ගුරුවරයා විසින් මෙලෙස දූෂණය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

මුලතිව් පොලීසිය විසින් අදාළ විශ්‍රාමික ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.