Latest News

කාන්තාවන් හා දැරියන් අලෙවි කළ වෙබ් අඩවියේ හිමිකරු අත්අඩංගුවට

ලිංගික කටයුතු සඳහා කාන්තාවන් සහ දැරියන් අලෙවි කිරීමට වෙබ් අඩවියක් පවත්වාගෙන ගොස් ඇති තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (16) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රත්නපුර කලවාන ප්‍රදේශයේදී එම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතු සඳහා අලෙවි කර අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනවලදී මෙම වෙබ් අඩවිය පවත්වාගෙන ගිය පුද්ගලයා ද අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනයන්ට අදාළව මේ වනවිට සැකකරුවන් සහ සැකකාරියන් 46 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය එක්ව එම විමර්ශන සිදුකරයි.