Latest News

ගිලන් රථයක ගැටී දරුවෙකු මරුට

පුනරීන් පොලිස් වසමේ මන්නාරම – යාපනය මාර්ගයේ මුක්කම්පන් ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් කළ දරුවෙකු ගිලන් රථයක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, 9 හැවිරිදි කුඩා දරුවෙක්.

අනතුරින් තුවාල ලැබු දරුවා යාපනය රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ගිලන්රථ රියදුරුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, පූනරීන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.